Followers

Monday, June 5, 2023

සාර්ථක අනාගතයකට  "SWOT"


මෙය තමා විසින් තමා ගැනම සිදු කරන විශ්ලේෂණයකි.මෙම විශ්ලේෂණයේ පියවර 04කි.

Strength - හැකියාවන් 

Weakness - දුබලතා 

Opportunities - අවස්ථා

Threats - තර්ජන

මෙය SWOT විශ්ලේෂණය ලෙස හදුන්වනු ලබයි.


01.ඔබගේ හැකියාවන් මොනවා ද?

බොහෝවිට ඔබගේ දෙමාපියන් , සහෝදරයන්,යහලුවන් ඔබව පැසසීම්වලට ලක් කර ඇත්නම්, ඔබ පිලිබද සතුටින් කතා කර ඇත්නම් ඊට හේතුව ඔබ සතු හැකියාවන් ය.ඒවා සිහියට ගනිමින් ඔබ තුළ ඇතැයි ඔබ සිතන හැකියා ලැස්තුවක් සකස් කර ගන්න.

උදා:
      මට ලස්සනට චිත්‍ර ඇදීමට හැකියි.
      ඕනෑම උපකරණයක් ගලවා සවි කළ හැකියි.
       දක්ෂ ලෙස කතා පැවැත්වීමට හැකියි.



02. ඔබගේ දුබලතා මොනවාද?

කායිකව මෙන් ම මානසිකව පීඩා ගෙන දෙන අසතුටට පත් කරන දුබලතා මොනවාදැයි සිහිපත් කරන්න.විවිධ පුද්ගලයන්ගෙන් බැණුම්,ගැරහුම්,අවවාද කිරීම්,දඩුවම් ආදිය ලද අවස්ථා මොනවාදැයි සටහන් කරගන්න.

උදා:
මට නිතර අමතක වීම් සිදුවීම.
කේන්ති යාම.
වගකීම් දැරීමට අකමැති වීම.
කතා කරනවිට වචන පැටලීම.



03. ඔබට ඇති අවස්ථා හදුනාගන්න.

සෑම දෙයක් පිළිබදවම විමසිල්ලෙන් හා උනන්දුවෙන් පසු වෙයි නම් නිතර අවස්ථා උදා වේ.අවස්ථා යනු ඔබේ අනාගත ජයග්‍රහණයට හේතු වන්නා වූ සාධකයි.

උදා:
අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපදෙස් ලැබීම.
පරිගණක පාඨමාලාවක් හැදෑරීම.
නව ව්‍යාපාරිකයන් හදුනා ගැනීමට ලැබීම.



 04. ඔබට ඇති තර්ජන හදුනා ගන්න.

ඕනෑම අවස්ථාවකදී තර්ජන ඇතිවිය හැකිය.එම නිසා ඒ පිළිබද අවධානයෙන් සිට ඒවා හදුනාගෙන මුහුණ දීම හෝ මගහැරීම කළ යුතුය.තර්ජන හදුනා ගත් විගස ඉක්මන් පියවර ගත යුතුය.එසේ නොවුනහොත් වඩා හානිකර ප්‍රතිඵල අත්වේ.

උදා:
මම ඇරඹූ ව්‍යාපාරයම අසල්වාසින් කිහිපදෙනෙක් ආරම්භ කිරීම.
ලබන වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවීම.
කෘමි උවදුරක් නිසා වගාවට හානි පැමිණීම.


ඉහත SWOT විශ්ලේෂණයට අනුව එම කරුණු ඔබ විසින් ගැඹුරින් අධ්‍යනය කොට පහත පියවර අනුගමනය කරන්න.

💪  තිබෙන හැකියා වර්ධනය කරගන්න.
🤗  දුබලතාවලින් මිදෙන්න.
🤝  ලැබෙන අවස්ථා මගනොහැර             ප්‍රයෝජනයට ගන්න.
🙃 තරතර්ජනවලට මුහුණ දීමට හෝ මගහරවා ගැනීමට ක්‍රමවේද විමසා බලන්න.

මෙසේ SWOT විශ්ලේෂණයකින් පසු සැළසුමක් සකස් කර ඕනෑම කාර්‍යයක් අරඹන්න.ඔබට සාර්ථකත්වයට පත්විය හැකිය.



 

   කාලය හසුරවමු.

 


01. න්‍යාය පත්‍රයකට වැඩ කරන්න.

මෙහිදී දවසේ කළ යුතු වැඩ සහ එම වැඩ කළ යුතු කාලය පිළිබද පැහැදිලි සටහනක් තිබිය යුතුය.දවස අවසානයේ කිරීමට හැකි වූ වැඩ ඉදිරියෙන් ✔️ ලකුණද, කිරීමට නොහැකි වූ වැඩ ඉදිරියෙන් ✖️ ලකුණද යොදන්න.කිරීමට නොහැකි වූ වැඩ ඉදිරියෙන් කිරීමට නොහැකි වූ හේතුව ලියන්න.

02. වැඩ කල් දැමීමෙන් වළකින්න.

මේ මොහොතේ කළ යුතු වැඩ මේ මොහොතේම කරන්න.වැඩ කල් දැමීම තුළ වැඩ ගොඩගැසෙන අතර එවිට සිත් තැවුල්,කලකිරීම්,අසාර්ථකවීම් ඇති වේ.

03. නිශ්චිත කාර්‍යය තෝරාගන්න.

සැළසුම් කළ කාර්‍යයන් පසෙක ලා වෙනත් කාර්‍යයකට සිත යොමු කළ විට රටාව අවුල් වී යයි.අතුරු කාර්‍යයන් හා ප්‍රධාන කාර්‍යයන්  පටලවා නොගන්න.

04. නිසි දේ නිසි තැන තබන්න.

භාණ්ඩ,ලිපි ලේකන,පොත්පත් නිසි ලෙස ස්ථානගත කරන්න.සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තිබිය යුතුය.එය භාවිත කරන සියලු දෙනාම එම භාණ්ඩය තිබෙන තැන දැනගත යුතුය.එම භාණ්ඩය භාවිතා කිරීමෙන් පසු එම ස්ථානයේම තැබිය යුතුය.එමගින් විවිධ දේ සෙවීමට ගතවන කාලය ඉතිරි කරගත හැකිය.

05.අනුපිළිවෙළක් සකසා ගත යුතුය.

වැඩ කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට නගරයට යනවිට තමා යා යුතු ස්ථාන පිලිබද අනුපිළිවෙළක් සකසා ගන්න.

උදා:
තැපල් කාර්යාලය ➡️ බැංකුව ➡️ නගර සභාව➡️ පොළ


06. ලැයිස්තුගත කරන්න.

වෙළෙඳ පොළට යනවිට මිලදී ගැනීමට අවශ්‍ය ලැයිස්තුවක් ගෙන යන්න.එසේ නොවුනහොත් අවශ්‍ය මොනවාදැයි කල්පනා කරන විට වැඩි කාලයක් අපතේ යන අතර අනවශ්‍ය බොහෝ දෑ මිලදී ගනු ඇත.

07. බාධා මගහරවා ගන්න.

යම් වැඩක යෙදෙනවිට එම වැඩයට බාධා ගෙන දෙන සියල්ල මග හරවා ගන්න.

උදා: දුරකථනය විසන්ධි කිරීම.

08.දවසට ආදරය කරන්න.

"අද දිනය "ආදරයෙන් වැලදගන්න.එවිට කාලය අපතේ හරින්නට සිත ඉඩ නොදෙනු ඇත.දවසින් හැකිතාක් ප්‍රයෝජන ගත්විට සිතට ඉමහත් ආස්වාදයක් ලැබේ.

09.උදෑසනින් අවදි වන්න.

උදෑසනින් අවදි වූ විට බොහෝ කටයුතු ඉටුකර ගැනීමට කාලය ප්‍රමාණවත් වේ.උදෑසනම අවදි වීම පුරුද්දක් කරගන්න.



10. අවදි වූ සැනින් නැගිටින්න.

අවදි වුන මොහොතේ ම ඇදෙන් නැගිටීමට පුරුදු වෙන්න.එමගින් ඇදෙන් නැගිටීමට ඇති  කම්මැලිකම නිසා නිකරුනේ කාලය අපතේ නොයයි.

11. මිත්‍යා විශ්වාසවලින් මිදෙන්න.

බොහෝ පිරිස් වැඩක් කිරීමට හොද වසරක්,හොද දවසක්,හොද වෙලාවක් එනතුරු බලාසිටියි.රාහු කාලය,ග්‍රහ පිහිටීම් මගහැරෙන තුරු බලා සිටියි.එමගින් කාලය අපතේ යනු ඇත.එම නිසා ඕනෑම කටයුත්තක් ඕනම වේලාවක අරඹන්න.යම් වැඩක් පටන් ගත් වේලාව ඒ සදහා සුබ ම මොහොත වන්නේ ය.

12. තෝරාගත් වැඩසටහන් පමණක් නරඹන්න.

අනවශ්‍ය රූපවාහිනී වැඩසටහන් නැරැඹීමෙන් වළකින්න. එමගින් කාලය අපතේ යාම මහහරවා ගත හැකිය. ඔබට අත්‍යාවශ්‍ය වැඩසටහන් පමණක් නරඹන්න.එමගින් මනස ද සැහැල්ලු වේ.






 


සාර්ථකත්වයට ක්‍රම 10ක්

 01. කුසලතා වර්ධනය කරගන්න.

සහජයෙන් මම ඔබට විවිධ කුසලතා උරුම වී තිබේ. එම කුසලතා හඳුනා ගත යුතුය.

උදා; 

ගීත ගැයීම, කථිකත්වය,නර්තනය 

 මෙම සහජ හැකියාවන් අහඹු අවස්ථාවල ඉස්මතු වේ.මිනිසුන් ඔබව දිරිමත් කළ අවස්ථා, සුබපැතූ අවස්ථා,අගය කළ අවස්ථා යනු ඔබේ හැකියාවන්ය.එම හැකියාවන් හදුනාගෙන ඒවා වර්ධනයය කර ගන්න.කුමන ක්ෂේත්‍රයක හෝ කුසලතා හදුනාගෙන ඒවා වර්ධනය කරගන්න



02. කොතනින් හෝ ආරම්භ කරන්න.

ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමට පෙර අප එය කෙසේ කළ යුතුද යන්න සිතමින් කල් ගෙවයි.මෙසේ සිතමින් සිටියදී එම කටකටයුත්ත දිනෙන් දින කල් යයි.එය වැළැක්වීමට නම් කොතනින් හෝ ආරම්භ කළ යුතු‍ය.එසේ ආරම්භ කිරීම යනු එම කටයුත්තෙන් අඩක් නිම කළා වැනිය. 

03. කවුරුන් හෝ හවුල් කරගන්න.

මේ සදහා නිවැරදි පුද්ගලයන් හවුල් කරගත යුතුය.එසේ නොමැති වුවහොත් කාර්‍ය අසාර්ථක වීමක් සිදුවිය හැකිය.තමා හවුල් කරගත යුත්තේ කවුරුන්ද යන්න තමාට අවබෝධයක් තිබිය යුතුය.එවිට වගකීම් බෙදා දිය හැකි වේ.එමෙන්ම බලය ද වර්ධනය කරගත හැකිය. ස්ථාවරත්වය ද වැඩි වේ.



04. විකල්ප සැළසුමක් තබා ගන්න

යමක් සැළසුම් කරනවිට එය අසාර්ථක වුවහොත් ඉන් පසු කුමක් කළ යුතුද යන්න සැළසුමක් තිබිය යුතුය.එවිට පළමු සැළසුම අසාර්ථක වුවහොත් බිය විය යුතු නැත.

05. කරන දෙය සතුටින් කරන්න.

යම් කාර්‍යයක් සතුටින් කිරීමේදී එය සාර්ථක වීමේ ප්‍රවණතාව වැඩිය.එමෙන් ම එය ඉක්මනින් හා නිවැරැදිව කළ හැකිය.එම නිසා තමා කැමති  කටයුතු සෑමවිටම තෝරා ගත යුතුය.එසේ නොමැති වුවහොත් එය අසාර්ථක විය හැකිය.



06.නියමිත කාලයක් වෙන් කරගන්න.

එදිනෙදා කාර්‍යයන් සදහා නියමිත කාල පරාසයක් සැළසුම් කරගන්න.එසේ නොමැති වුවහොත් කාර්‍ය ප්‍රසරණය වේ.එවිට අන් කටයුතු සදහා කාලය අවම වේ.කාලය ඉතා වැදගත් අංගයකි.



07. "බැහැ" කියන්නත් පුරුදු වෙන්න.

විවිධ පුද්ගලයන් අපෙන් විවිධ ඉල්ලීම් කරන අතර කාර්‍යයන් පවරයි.ඔවුන් අමනාප වේ යැයි බිය වී සෑම දේකටම " හා" කීමෙන් වළකින්න.ඔබට කළ නොහැකි දෙයක් නම් "බැහැ" කියන්න.එසේ නොකළහොත් විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.

08. වෙනත් අය පුහුණු කරන්න.

ඔබ අතින් ඉටුවන කාර්‍යයන් කිරීම සදහා තව අයෙක් පුහුණු කිරීම තුළ කටයුතු බෙදාගෙන කළ හැකිය.ඔබට සුලු විවේකයක් ගත හැකිය.එමෙන් ම ඔබ අසනීප වූ අවස්ථාවකදී නොබියව තම කටයුතු භාරදිය හැකිය.එමගින් ඔබගේ පීඩනය ද අවම වේ.

09. පුරුදු වර්ධනය කරගන්න.

නියමිත වේලාවට අවදි වීම,ව්‍යායාම කිරීම ,වෙලාවට වැඩ කිරීම ආදිය පුරුදු විය යුතුය.සතියක් දෙකක් මෙම කටයුතු ආයාසයෙන් කළ පසු ශරීරය ,මනස එයට හුරු වේ.එම නිසා සිතා මතා හොද පුරුදු වර්ධනය කළ යුතුය.

10. අපතේ යන කාලය ප්‍රයෝජනයට ගන්න.

නිකරුණේ කාලය ගෙවන්න එපා.බසයක් එනතුරු බලා සිටින අවස්තාව,වෛද්‍යවරයා මුනගැසීමට පෝළිමක සිටින අවස්තාව පවා ප්‍රයෝජනයට ගන්න. එම අවස්තාවලදී ඔබට පොතක් හෝ කියවිය හැකිය.








ධනාත්මක චින්තනය තුළින් ජීවිතය ජය ගනිමු







සාර්ථක අනාගතයකට  "SWOT" මෙය තමා විසින් තමා ගැනම සිදු කරන විශ්ලේෂණයකි.මෙම විශ්ලේෂණයේ පියවර 04කි. Strength - හැකියාවන්  Weakness - ද...