Followers

Monday, June 5, 2023


සාර්ථකත්වයට ක්‍රම 10ක්

 01. කුසලතා වර්ධනය කරගන්න.

සහජයෙන් මම ඔබට විවිධ කුසලතා උරුම වී තිබේ. එම කුසලතා හඳුනා ගත යුතුය.

උදා; 

ගීත ගැයීම, කථිකත්වය,නර්තනය 

 මෙම සහජ හැකියාවන් අහඹු අවස්ථාවල ඉස්මතු වේ.මිනිසුන් ඔබව දිරිමත් කළ අවස්ථා, සුබපැතූ අවස්ථා,අගය කළ අවස්ථා යනු ඔබේ හැකියාවන්ය.එම හැකියාවන් හදුනාගෙන ඒවා වර්ධනයය කර ගන්න.කුමන ක්ෂේත්‍රයක හෝ කුසලතා හදුනාගෙන ඒවා වර්ධනය කරගන්න



02. කොතනින් හෝ ආරම්භ කරන්න.

ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමට පෙර අප එය කෙසේ කළ යුතුද යන්න සිතමින් කල් ගෙවයි.මෙසේ සිතමින් සිටියදී එම කටකටයුත්ත දිනෙන් දින කල් යයි.එය වැළැක්වීමට නම් කොතනින් හෝ ආරම්භ කළ යුතු‍ය.එසේ ආරම්භ කිරීම යනු එම කටයුත්තෙන් අඩක් නිම කළා වැනිය. 

03. කවුරුන් හෝ හවුල් කරගන්න.

මේ සදහා නිවැරදි පුද්ගලයන් හවුල් කරගත යුතුය.එසේ නොමැති වුවහොත් කාර්‍ය අසාර්ථක වීමක් සිදුවිය හැකිය.තමා හවුල් කරගත යුත්තේ කවුරුන්ද යන්න තමාට අවබෝධයක් තිබිය යුතුය.එවිට වගකීම් බෙදා දිය හැකි වේ.එමෙන්ම බලය ද වර්ධනය කරගත හැකිය. ස්ථාවරත්වය ද වැඩි වේ.



04. විකල්ප සැළසුමක් තබා ගන්න

යමක් සැළසුම් කරනවිට එය අසාර්ථක වුවහොත් ඉන් පසු කුමක් කළ යුතුද යන්න සැළසුමක් තිබිය යුතුය.එවිට පළමු සැළසුම අසාර්ථක වුවහොත් බිය විය යුතු නැත.

05. කරන දෙය සතුටින් කරන්න.

යම් කාර්‍යයක් සතුටින් කිරීමේදී එය සාර්ථක වීමේ ප්‍රවණතාව වැඩිය.එමෙන් ම එය ඉක්මනින් හා නිවැරැදිව කළ හැකිය.එම නිසා තමා කැමති  කටයුතු සෑමවිටම තෝරා ගත යුතුය.එසේ නොමැති වුවහොත් එය අසාර්ථක විය හැකිය.



06.නියමිත කාලයක් වෙන් කරගන්න.

එදිනෙදා කාර්‍යයන් සදහා නියමිත කාල පරාසයක් සැළසුම් කරගන්න.එසේ නොමැති වුවහොත් කාර්‍ය ප්‍රසරණය වේ.එවිට අන් කටයුතු සදහා කාලය අවම වේ.කාලය ඉතා වැදගත් අංගයකි.



07. "බැහැ" කියන්නත් පුරුදු වෙන්න.

විවිධ පුද්ගලයන් අපෙන් විවිධ ඉල්ලීම් කරන අතර කාර්‍යයන් පවරයි.ඔවුන් අමනාප වේ යැයි බිය වී සෑම දේකටම " හා" කීමෙන් වළකින්න.ඔබට කළ නොහැකි දෙයක් නම් "බැහැ" කියන්න.එසේ නොකළහොත් විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.

08. වෙනත් අය පුහුණු කරන්න.

ඔබ අතින් ඉටුවන කාර්‍යයන් කිරීම සදහා තව අයෙක් පුහුණු කිරීම තුළ කටයුතු බෙදාගෙන කළ හැකිය.ඔබට සුලු විවේකයක් ගත හැකිය.එමෙන් ම ඔබ අසනීප වූ අවස්ථාවකදී නොබියව තම කටයුතු භාරදිය හැකිය.එමගින් ඔබගේ පීඩනය ද අවම වේ.

09. පුරුදු වර්ධනය කරගන්න.

නියමිත වේලාවට අවදි වීම,ව්‍යායාම කිරීම ,වෙලාවට වැඩ කිරීම ආදිය පුරුදු විය යුතුය.සතියක් දෙකක් මෙම කටයුතු ආයාසයෙන් කළ පසු ශරීරය ,මනස එයට හුරු වේ.එම නිසා සිතා මතා හොද පුරුදු වර්ධනය කළ යුතුය.

10. අපතේ යන කාලය ප්‍රයෝජනයට ගන්න.

නිකරුණේ කාලය ගෙවන්න එපා.බසයක් එනතුරු බලා සිටින අවස්තාව,වෛද්‍යවරයා මුනගැසීමට පෝළිමක සිටින අවස්තාව පවා ප්‍රයෝජනයට ගන්න. එම අවස්තාවලදී ඔබට පොතක් හෝ කියවිය හැකිය.








2 comments:

සාර්ථක අනාගතයකට  "SWOT" මෙය තමා විසින් තමා ගැනම සිදු කරන විශ්ලේෂණයකි.මෙම විශ්ලේෂණයේ පියවර 04කි. Strength - හැකියාවන්  Weakness - ද...