Followers

Monday, June 5, 2023

   කාලය හසුරවමු.

 


01. න්‍යාය පත්‍රයකට වැඩ කරන්න.

මෙහිදී දවසේ කළ යුතු වැඩ සහ එම වැඩ කළ යුතු කාලය පිළිබද පැහැදිලි සටහනක් තිබිය යුතුය.දවස අවසානයේ කිරීමට හැකි වූ වැඩ ඉදිරියෙන් ✔️ ලකුණද, කිරීමට නොහැකි වූ වැඩ ඉදිරියෙන් ✖️ ලකුණද යොදන්න.කිරීමට නොහැකි වූ වැඩ ඉදිරියෙන් කිරීමට නොහැකි වූ හේතුව ලියන්න.

02. වැඩ කල් දැමීමෙන් වළකින්න.

මේ මොහොතේ කළ යුතු වැඩ මේ මොහොතේම කරන්න.වැඩ කල් දැමීම තුළ වැඩ ගොඩගැසෙන අතර එවිට සිත් තැවුල්,කලකිරීම්,අසාර්ථකවීම් ඇති වේ.

03. නිශ්චිත කාර්‍යය තෝරාගන්න.

සැළසුම් කළ කාර්‍යයන් පසෙක ලා වෙනත් කාර්‍යයකට සිත යොමු කළ විට රටාව අවුල් වී යයි.අතුරු කාර්‍යයන් හා ප්‍රධාන කාර්‍යයන්  පටලවා නොගන්න.

04. නිසි දේ නිසි තැන තබන්න.

භාණ්ඩ,ලිපි ලේකන,පොත්පත් නිසි ලෙස ස්ථානගත කරන්න.සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තිබිය යුතුය.එය භාවිත කරන සියලු දෙනාම එම භාණ්ඩය තිබෙන තැන දැනගත යුතුය.එම භාණ්ඩය භාවිතා කිරීමෙන් පසු එම ස්ථානයේම තැබිය යුතුය.එමගින් විවිධ දේ සෙවීමට ගතවන කාලය ඉතිරි කරගත හැකිය.

05.අනුපිළිවෙළක් සකසා ගත යුතුය.

වැඩ කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට නගරයට යනවිට තමා යා යුතු ස්ථාන පිලිබද අනුපිළිවෙළක් සකසා ගන්න.

උදා:
තැපල් කාර්යාලය ➡️ බැංකුව ➡️ නගර සභාව➡️ පොළ


06. ලැයිස්තුගත කරන්න.

වෙළෙඳ පොළට යනවිට මිලදී ගැනීමට අවශ්‍ය ලැයිස්තුවක් ගෙන යන්න.එසේ නොවුනහොත් අවශ්‍ය මොනවාදැයි කල්පනා කරන විට වැඩි කාලයක් අපතේ යන අතර අනවශ්‍ය බොහෝ දෑ මිලදී ගනු ඇත.

07. බාධා මගහරවා ගන්න.

යම් වැඩක යෙදෙනවිට එම වැඩයට බාධා ගෙන දෙන සියල්ල මග හරවා ගන්න.

උදා: දුරකථනය විසන්ධි කිරීම.

08.දවසට ආදරය කරන්න.

"අද දිනය "ආදරයෙන් වැලදගන්න.එවිට කාලය අපතේ හරින්නට සිත ඉඩ නොදෙනු ඇත.දවසින් හැකිතාක් ප්‍රයෝජන ගත්විට සිතට ඉමහත් ආස්වාදයක් ලැබේ.

09.උදෑසනින් අවදි වන්න.

උදෑසනින් අවදි වූ විට බොහෝ කටයුතු ඉටුකර ගැනීමට කාලය ප්‍රමාණවත් වේ.උදෑසනම අවදි වීම පුරුද්දක් කරගන්න.



10. අවදි වූ සැනින් නැගිටින්න.

අවදි වුන මොහොතේ ම ඇදෙන් නැගිටීමට පුරුදු වෙන්න.එමගින් ඇදෙන් නැගිටීමට ඇති  කම්මැලිකම නිසා නිකරුනේ කාලය අපතේ නොයයි.

11. මිත්‍යා විශ්වාසවලින් මිදෙන්න.

බොහෝ පිරිස් වැඩක් කිරීමට හොද වසරක්,හොද දවසක්,හොද වෙලාවක් එනතුරු බලාසිටියි.රාහු කාලය,ග්‍රහ පිහිටීම් මගහැරෙන තුරු බලා සිටියි.එමගින් කාලය අපතේ යනු ඇත.එම නිසා ඕනෑම කටයුත්තක් ඕනම වේලාවක අරඹන්න.යම් වැඩක් පටන් ගත් වේලාව ඒ සදහා සුබ ම මොහොත වන්නේ ය.

12. තෝරාගත් වැඩසටහන් පමණක් නරඹන්න.

අනවශ්‍ය රූපවාහිනී වැඩසටහන් නැරැඹීමෙන් වළකින්න. එමගින් කාලය අපතේ යාම මහහරවා ගත හැකිය. ඔබට අත්‍යාවශ්‍ය වැඩසටහන් පමණක් නරඹන්න.එමගින් මනස ද සැහැල්ලු වේ.






 

2 comments:

  1. ✨️💐Since you can never turn back time, you can live a life full of joy and happiness without regrets.😊❤️‍🔥

    ReplyDelete

සාර්ථක අනාගතයකට  "SWOT" මෙය තමා විසින් තමා ගැනම සිදු කරන විශ්ලේෂණයකි.මෙම විශ්ලේෂණයේ පියවර 04කි. Strength - හැකියාවන්  Weakness - ද...